කිරින්දේ පදිංචි මොහොමඩ් හුසේන් ( ව්‍යාපරික) මහතාගේ නායකත්වයෙන් යුක්ත VISION EDUCATION ORGANIZATION හි VEO කමිටුව මගින් තෝරාගත් පාසල් හා පෙර පාසල් ළමුන් සඳහා පාසල් බෑග් සහ පොත් ප්රදානය කිරීමක් සහකාර ප්‍රාදේශීය ලේකම් මනෝජ් මධුසංඛ කොඩිතුවක්කු මහතාගේ සහභාගිත්වයෙන් අන්දරස්යාය රාජපක්ෂ ශාලාවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට VEO කමිටු සාමාජිකයින්, අන්දරගස්යාය ග්‍රාම නිලධාරීතුමා සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමා සමඟ කිරින්ද සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමා ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වී සිටියහ.

ජන හා නිවාස සංගණය සඳහා සහභාගි වන නිලධාරීවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් අද(09) දින තිස්සමහාරාම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී ඇරඹිණි. එය හෙට(10) සහ අනිද්දා(11) දිනයන්හි දී ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙහි ආරම්භක අවස්ථාවට තිස්සමහාරාම සහකාර ප්‍රාදේශීය ලේකම් මනෝඡ් මධුශංක කොඩිතුවක්කු මහතා, නියෝජ්‍ය අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) එස්.එච්. උදය කුමාර මහතා, මූලස්ථාන සමෘද්ධි කළමනාකරු චන්ද්‍රානි ඒකනායක මහත්මිය, හම්බන්තොට දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛනඥ සම්පත් අලහකෝන් මහතා, තිස්සමහාරාම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සියලුම ග්‍රාම නිලධාරීවරුන් සමග මෙම ව්‍යාපෘතිය සඳහා අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරිවරුන් ද සහභාගී වී සිටියහ.
තිස්සමහාරාම සංඛ්‍යාලේඛන නිලධාරී පර්ලි අබේනායක මෙනවිය සංවිධානය කරන මෙම පුහුණු වැඩසටහන සඳහා අද (09) දින සම්පත්දායකයින් ලෙස ලුණුගම්වෙහෙර සංඛ්‍යා ලේඛන නිලධාරී ඩබ්ලිව්. ඩී. සත්සරණි මහත්මිය, වලස්මුල්ල සංඛ්‍යාලේඛන නිලධාරී කුලරත්න මහතා, අම්බලන්තොට සංඛ්‍යාලේඛන නිලධාරී කමල් චන්දන මහතා යන නිලධාරීවරුන් එක්වූහ.
තිස්සමහරාම වැඩබලන ප්‍රාදේශිය මහ ලේකම්/ අතිරේක දිසාපති (ඉඩම්) චන්දන රත්නායක මහතා නියෝජ්‍ය සංගණන කොමසාරිස් ලෙසත්, සහකාර ප්‍රාදේශීය ලේකම් මනෝජ් මධුශංක කොඩිතුවක්කු මහතා සහකාර සංගණන කොමසාරිස් ලෙසත් කටයුතු කරයි.
අධීක්ෂණ නිලධාරීවරුන් ලෙස ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ තුමා, පරිපාලන නිලධාරී තුමිය හා මූලස්ථාන සමෘද්ධි කළමණාකාර තුමිය කටයුතු කරනු ඇත.
මෙවර පැවැත්වීමට යෝජිත ජන හා නිවාස සංගණනයේ දී ඉතිහාසයේ ප්‍රථම වතාවට තොරතුරු ලබාගැනීමට මුද්‍රිත ප්‍රශ්නාවලි වෙනුවට දත්ත රැස් කිරීම සඳහා ටැබ්ලට් පරිගණක භාවිතා කිරීමට අපේක්ෂිත යි.
ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ ද ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් පවත්වයි. මෙය සිදු කරන්නේ සංගණන ආඥා පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරවය.
සංගණනයේ පළමු අදියර වන සිතියම් සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර මුළු දිවයිනම සංගණන කාණ්ඩ ලෙස හඳුන්වනු ලබන කුඩා ප්‍රදේශවලට (ගණන් ගැනීමේ ප්‍රදේශ) වෙන්කර ඇත. ඒ අනුව, සංගණන කාණ්ඩ 88,000 ක් පමණ හඳුනාගෙන සිතියම්ගත කර ඇත. එහි දී නිවැරදි මායිම් සහිත ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමේ භූගෝලීය දත්ත පද්ධතියක් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලදී.
මේ සංගණන කාණ්ඩ සිතියම පදනම් කරගනිමින් සංගණනයේ දෙවන අදියර වන සියලුම ගොඩනැලඟිලි ලැයිස්තුගත කිරීම මෙහිදී සිදුවෙයි.
මෙම ලැයිස්තුව පදනම් කර ගනිමින් සංගණනයෙහි තෙවන අදියර වන සියලුම පුද්ගලයින් හා නිවාස පිළිබඳ දත්ත රැස් කිරීම 2024 වර්ෂයේ දී සිදු කිරීමට නියමිත වේ.
මෙමඟින් රටෙහි ජීවත්වන පුද්ගලයන්ගේ වයස, අධ්‍යාපන මට්ටම, රැකියාව, පදිංචිය ඇතුළු විස්තර රාශියක් රැස් කරනු ලබයි. අවසාන අදියරෙහි දී මෙසේ රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින් ජනගහනය හා ඒ ආශ්රිත තොරතුරු ප්‍රකාශයට පත් කරනු ලැබේ
සංගණනයේ ප්‍රයෝජන ක්ෂේත්‍ර කිහිපයක් යටතේ සිදු වෙයි. එනම්, ජාත්‍යන්තර මැදිහත්වීම සඳහා, රාජ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදනය සඳහා, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩසටහන්/ ව්‍යාපෘති සැලසුම් කිරීමට හා ඇගයීම සඳහා, පර්යේෂණ කටයුතු සඳහා, අධ්‍යාපන කටයුතු/ තරග විභාග සඳහා තොරතුරු ලබා ගැනීමට යනු එයින් කිහිපයකි.
මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිස්සමහාරාම සම්බන්ධීකරණයෙන් 2022 ඔක්තෝම්බර් මස 6 දින තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පවත්වන ලද ප්‍රාදේශීය රැකියා වැඩසටහන
















