අපගේ දැක්ම
"සේවාලාභීන් සඳහා විශ්මය ජනක සේවාවක් සැපයීම හා සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඉතා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ප්‍රමුඛයා වීම"

අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"

 

හැඳින්වීම

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සේවාලාභීන් සඳහා විශ්මයජනක සේවාවක් සැපයීමේ දර්ශනය පෙරදැරි කරගෙන ප්‍රාෙද්ශීය ජනතාවට මහගු සේවයක් සපයයි. මෝටර්රථ ප්‍රවාහන ආදායම් බලපත්‍ර, උප්පැන්න, විවාහ,මරණ, සහතික ආදිය ලබා ගැනීමේදී දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ජනතාවට සේවා සැපයීමට දැන් සමත්ව පවතී. තවද ඊ_රාජ්‍ය සේවාව ආදිය උපයෝගී කරගනිමින් කඩිනම් හා කාර්යක්ෂම සේවයක් සැපයීම මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ප්‍රමුඛයා වීමේ අපේ දර්ශනය කරා ලගා වෙමින් පවතී.

ඉතිහාසය

අතීතයේ තොරතුරු වලින් අනාවරණය වන කරුණු අනුව දේවානම්පියතිස්ස රජුගේ සොයුරු මහානග නැමති යුවරජු පාලනය කළ ප්‍රදේශය පසුව ව්‍යවහාරයේ පහසුව සඳහා මාගම නමින් ප්‍රසිද්ධ විය. ඉන්පසුව මෙම ප්‍රදේශය පාලනය කල යඨාලතිස්ස, ගෝඨාභය,කවන්තිස්ස, දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන මහ රජවරු විසින් මාගම සහ තිස්සමහාරාමය ප්‍රධාන කොට රෝහණපුර  පසුකලෙක ත්‍රී සිංහලයන් පාලනය කළ බව අනාවරණය වේ.

කාවන්තිස්ස රජු විසින් මහා විහාරයක්ද එහි ආරක්ෂාවට සුවිශාල චෛත්‍යයක් කරවා ආරාමයක් කරවූ බවත් මහා රජුගේ නමින් තිස්ස+මහා+ආරාමය පසුව ව්‍යවහාරයේ තිස්සමහාරාමය නමින් ප්‍රසිද්ධ වූ බව මහාවංශයේ සඳහන් වේ. කෙසේ නමුත්  ආරාමයක නමින් කියවෙන එකම නගරය තිස්සමහාරාමයයි.

පිහිටීම

උතුරින් මොණරාගල දිස්ත්‍රික්ක මායිම සහ කතරගම කදු වැටියෙන්ද දකුණු සහ ගිණිකොනින් ඉන්දියන් සාගරයෙන්ද නැගෙනහිරින් කුඹුක්කන් ඔයෙන්ද බටහිරින් හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සීමාවෙන්ද වයඹ දිගින් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයෙන්ද සීමාවේ. යාල ජාතික වනෝද්‍යානයද පලටුපාන හා කිරින්ද ලේවාය යන දෙකද තිස්සමහාරාමයට විශේෂ වේ. රුහුණේ පෙර රජවරු කරවු තිස්ස වැව,  යෝධ වැව, දෙබරවැව, වීරවිල වැව, පන්නගමුව වැව යන ඵෙතිහාසික වැව් පහද පලටුපාන ගොඩේ කලපුව නම්වූ කලපු දෙකද විශේෂවේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළ තීරයට මායිම් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරෙන් එකක් තිස්සමහාරාම කොට්ඨාසය වේ. මෙහි ග්‍රාම නිලධාරී කොට්ඨාස 44කි. වෙරළ තීරයේ දිග කිලෝමීටර් 50ක් පමණය. වෙරළ කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම් තුනකි. කිරින්ද, අන්දරගස්යාය සහ මාගම වසම් ඊට අයත්ය. ග්‍රාම නිලධාරී වසම් වලට අයත් මුළු ගම්මාන ප්‍රමාණය 137කි.

2014 ජනගහණ වාර්තාවට අනුව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිම ජනගහනය කිරින්ද ග්‍රාම නිලධාරී වසමට අයත්ය. තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු පවුල් සංඛ්‍යාව 18750ක් පමණ බව වාර්තා වලට අනුව සඳහන් වේ.

1972 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
පුණ්‍යසිරි සුබසිංහ මහතා 1972 -
ඩබ්.පී.එන්.කේ.ගමගේ මහතා 1972 1978
මහින්ද මානවඩු මහතා 1978 1985
ජයසිරි රුවන්පතිරණ මහතා 1986 1991
ඩී.ඩී.එම්.දිසානායක මහතා 1992 -
මහින්ද මානවඩු මහතා 1993 1994
එස්.ඒ.නිමල් සරණතිස්ස මහතා 1995 -
තුසිත පී. වනිගසිංහ මහතා 1995 -
ඩබ්.පී.එම්.මුනිදාස මහතා 1996 -
ජේ.එච්.එම්.රණවීර මහතා 1997 -
පී.ඒ.ජයවර්ධන මහතා 1997 2000
මහින්ද ජයසේකර මහතා 2000  -
ඩී.එස්.පත්මකුලසූරිය මිය 2000 2006
ඒ.ඩී.දයාරත්න මහතා 2006 -
එම්.එල්.ගම්මම්පිල මහතා 2006 2009
එච්.එස්.එන්. ද ඉසඩ් සිරිවර්ධන මහතා 2009 2013
එච්.තිලකවර්ධන මහතා 2014 -
Scroll To Top