ජගත් පරිසර දිනය නිමිති කොට ගෙන තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික සිද්ධස්ථාන මුල් කරගනිමින් පොල් පැල දහසක් රෝපණය කිරීමේ වැඩසටහන

2024.06.05 දින තිස්සමහාරාම මහසෙන්පුර ශ්‍රී සුමංගලාරාමය විහාරස්ථාන භූමියේදී විහාරාධිපති මාගම මහනාම නායක හිමිපාණන්ගේ සහ තිස්සමහාරාම සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.මනොජ් මධුසංඛ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. මේ වැඩසටහන සදහා සුවිශේෂී සහයෝගයක් පොල් සංවර්ධන මණ්ඩලය ලබා දෙනලදි.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකාර අධ්‍යෂ,තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කෘෂිකර්ම අංශයේ නිළදාරින් ,මහසෙන්පුර ග්‍රාම නිලධාරි,ආර්ථික සංවර්ධන නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර(කෘ.ප.නි.ස), සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතියේ ව්‍යපෘති සහකාර හා සමාජ සංවර්ධන සහකාර යන නිලධාරීවරුන් මේ සඳහා දායකත්වය ලබා දී තිබිණ.

 නව වසරේ වැඩ ආරම්භ කිරීම, Clean Sri Lanka ජාතික වැඩසටහන ආරම්භ කිරීම හා ප්‍රතිඥාව ලබාදීම හා නව වසරේ රුක් රෝපණ වැඩසටහන තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කිරීම

471998808 2478625395823116 895713747094780322 n

කාන්තා මූලික පවුල්වල ගෘහ ආර්ථිකය නගා සිටුවමින් සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් සහනදායී මිලකට ලබාදීමට ආරම්භ කළ හෙළ බොජුන් හලේ කටයුතු සහකාර ප්‍රාදේශීය ලේකම් මනෝජ් මධුසංඛ කොඩිතුවක්කු මහතාගේ සහභාගිත්වයෙන් තිස්සමහරාම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට අද(29) දින සිට විවෘත කරනු ලැබුවා.
මෙය ආරම්භ කරනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී ජී.එල් අමිතා කුමාරි මහත්මියගේ අදහසකට අනුවයි. එය සඳහා ළමා හා කාන්තා කටයුතු සහ සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ තුනක ප්‍රතිපාදන ලැබී ඇත.
වනිතා සංවර්ධන නිලධාරිනිය පවසන පරිදි අද දිනය එතුමියගේ ජීවිතයේ සිහිනයක් සැබෑ වීමකි. එතුමියට මෙම අදහස ඇතිවන්නේ මුලින්ම
2005 වසරේදීය. එහි ප්‍රතිඵලයක් ලෙස වීරවිල තුරුසෙවන ඉදිරිපිට ස්ථානයෙහි අලෙවිසැල් කිහිපයක් ආරම්භ කළද පසුව පැන නැගුණු බාධා කිහිපයක් නිසා අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. එයින් අධෛර්යමත් නොවුණු එතුමිය ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල 2015 වසරේදී හෙළ බොජුන් හලක් ආරම්භ කිරීමට උත්සාහයක් දරයි. එවරද එම උත්සාහය සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. පසුව 2017 වර්ෂයේ එතුමියගේ උත්සාහයට අස්වැසිල්ලක් ලෙස ලක්ෂ පනහක ප්‍රතිපාදනයක් සිය අමාත්‍යාංශය මගින් වෙන් කරවා ගත්තද එවර ගොඩනැගිල්ලක් සකසා ගැනීමට ස්ථානයක් සොයා ගැනීමේ ගැටලුවක් මත එම ප්‍රතිපාදනයද හරවා යැවීමට සිදුවී ඇත. මෙම සියලු සිදුවීම් හමුවේ වුවද අධෛර්යමත් නොවුණු එතුමියට දිනක් කාර්යාලයේ පැවති ශ්‍රමදානයක් අවස්ථාවේදී කාර්යාලය ඉදිරිපිට මයිල ගහ සෙවනේ විවේක ගනිමින් සිටියදී තම අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීමට මෙම ගස් සෙවණද කදිම තෝතැන්නක් යැයි අදහසක් පහළවී ඇත. එහි ප්‍රතිඵලය අද ආරම්භ කළ හෙළ බොජුන් හලයි.
මෙයින් ප්‍රතිලාභී පවුල් පහක සාමාජිකයින් දහ අට දෙනෙකු වෙත ප්‍රතිලාභ හිමිවෙයි. ඉදිරියේදී රාත්‍රී කාලයේද මෙමගින් සේවය සැපයීමටත් එහිදී මුර ක්‍රමයක් යටතේ දැනට සිටින ප්‍රතිලාභීන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමටත් අපේක්ෂා කරයි.
මෙම අවස්ථාව සඳහා A.C.R.Marketing Service අධිපති චමින්ද රාජපක්ෂ මහතා, තිස්සමහාරාම Randunu Food City අධිපති එන්. යූ. අමරවීර මහතා ඇතුළු ප්‍රදේශයේ ව්‍යාපාරික භවතුන් කිහිපදෙනෙක් සමග ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක් සහභාගී වූවා

Scroll To Top