වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
තිස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බැංකු සංගම් තුනකි.මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 5616 ක් පමණ වේ.ඉන් ප්‍රතිලාභීන් 482 දෙදෙනකු 2018 වර්ෂයේ සවිබල ගැන්වීමට නියමිතය.
ඒ අනුව තිස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මුදල 1,817,400.00කි. එම ප්‍රතිපාදන වලින් සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ භාණ්ඩ ලබා දීම සඳහා කෘෂි අංශයෙන් පවුල් 09ක් ද කර්මාන්ත අංශයෙන් පවුල් 29ක් ද තෝරාගෙන ඇත.මේ සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල වනුයේ රු.1,234,800.00 කි.
ඊට අමතරව අලෙවි යටිතල පහසුකම් වැඩසටහන යටතේ පවුල් 04 ක් තොරාගෙන ඔවුනට යතුරුපැදි 04ක් ලබා දීමට හඳුනාගෙන ඇත.ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල වනුයේ රු.196,000.00කි. එමෙන්ම ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ ආදායම් උත්පාදන ගැන්වීම සඳහා ගෙවතු 440ක් තොරාගෙන ඇත. මේ සඳහා රු.330,000.00ක් වැය කිරීමට අපේක්ෂිතය. එමෙන්ම ගෙවතු පුහුණු වැඩසටහන් 15ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රු.17,800.00ක් වැය කිරීමට බලාපොරොත්තු වේ.
එමෙන්ම ව්‍යවසායක සංගම් පුහුණු වැඩසටහන් 01ක් හා තරුණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් 01ක් ආදී වශයෙන් පුහුණු වැඩසටහන් 02ක් පැවත්වීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුතල රු.38,800.00කි. ඒ අනුව මෙහි සමස්ථ වියදම රු.1,783,763.00ක් වනු ඇත.














