ind

ස්වදේශ කටයුතු චක්‍රලේක 24/2020(i) හි සදහන් උපදෙස් පරිදි අභිමානවත් 73 වන නිදහස් දින සමරු උළෙල හා ඒ සමගාමීව පවත්වන ලද රුක්රෝපණ ව්‍යාපෘතිය හා ශ්‍රමදාන කටයුතු 2021.02.04 දින පෙ .ව 08.00 සිට කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

මාතෘ භුමියට නිදහස ලබාගැනිමට මුලිකව කටයුතු කළ අභිමානවත් රණවිරුවන් උදෙසා ප්‍රණාම දැක්වීම කාර්යාලයේ ඉදිරිපස ඉදිකර ඇති රණවිරු ස්මාරකය අසළදි අභිමානවත් අයුරින් සිදුකරන ලදි.

ශ්‍රමදාන කටයුතු  යටතේ කාර්යාල පරිශ්‍රය, වීරවිල හන්දියේ සිට පුංචි පාලම දක්වා ප්‍රධාන මාර්ගය දෙපස  පවිත්‍රතා කටයුතු කාර්යාල නිලධාරින්, ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්,සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදුකළ අතර  බහුකාර්ය සංවර්ධන පුහුණු වැඩසටහනේ පුහුණුලාභීන්ගේ සහභාගීත්වයෙන් කාර්යාල පරිශ්‍රය හා වීරවිල වැව අසල තොටුපළ පිරිසිදු කිරීමේ කටයුතු සාර්ථකව සිදුකරන ලදී.

Scroll To Top